...

නිෂ්පාදන සංවර්ධනය

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ දැක්ම වන්නේ, ආසියාවේ ඉතාමත් වටිනාම හා හරිත දූපත ලෙස ශ්‍රී ලංකාව ස්ථාපිත කර ස්ථානගත කිරීමයි. එහි සුන්දර මුහුදු වෙරළ, හෘදයාංගම හා මිත්‍රශීලී ජනතාව, සොබාදහම, සංස්කෘතිය සහ වික්‍රමාන්විත ක්‍රියාකාරකම් සමග ආසියාව තුළ නම රැඳවීමත්, සංචාරක ව්‍යාපාරයේ කොටස් කරුවන්ට සහ ශ්‍රී ලංකාවේ ජනතාවට සෙත සලසන විශාලතම විදේශ විනිමය උපයන්නා බවට එය පත් වීමත් ය.


තම දැක්ම ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ 'ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය' ප්‍රබෝධමත් කරමින්, සංවර්ධනය කරමින්, සංචාරකයන්ට උපරිම සේවාවක් සපයමින්, අපේ කොටස් හිමියන්ගේ ආදායම් ඉහළ නැංවීම සිදු කරයි. එසේම, අධිකාරිය මඟින් ශ්‍රී ලාංකික ප්‍රජාවට ප්‍රතිලාභ සැලසීමට ද බලාපොරොත්තු වේ.

  • යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට, වැඩි දියුණු කිරීමට සහ නඩත්තු කිරීමට උත්ප්‍රේරකයක් වීම

  • සංචාරකයින්ගේ ආරක්‍ෂාව හා සුරක්‍ෂිතතාව කෙරෙහි අවධානය යොමු කර තෘප්තිමත් බව ඇති කරලීම සඳහා උසස් තත්ත්වයේ නිෂ්පාදන හා සේවා පදනමක් ස්ථාපිත කිරීම හා වැඩි දියුණු කිරීම.

  • සංචාරක කර්මාන්තයේ ආයෝජන පවත්වා ගැනීමට සහ වර්ධනය කර ගැනීමට සංචාරකයන්ගේ පැමිණීම සහ ඔවුන්ගෙන් ලැබෙන ආදායම් මට්ටම සහතික කිරීම.

  • ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත දූපතක් ලෙසත්, හරිතවත් සංචාරක ගමනාන්තයක් ලෙසත් ස්ථානගත කිරීමට කාබන් විමෝචනය අවම කිරීම සඳහා කටයුතු කරමින්, අනාගත සංචාරකයන්ගේ සිත් දිනාගැනීමට උත්සාහ කරයි

  • වෘත්තීයමය වර්ධනය, නිපුණතා වර්ධනය හා පුහුණුව තුළින් කර්මාන්තයේ මානව සම්පත් ඉල්ලීම් සපුරාලීම.

  • ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම හා ප්‍රර්ධනය කිරීම සඳහා විධිමත් හා අවිධිමත් අංශයන්හිත්, කර්මාන්තය තුළ සහ ඉන් පිටතත් සියලුම පාර්ශවකරුවන් සම්බන්ධ කර ගැනීම.

  • ශ්‍රී ලාංකිකයින්ගේ සංචාරක අවශ්‍යතා සඳහා වඩා හොඳ සේවාවක් සැපයීම සහ ජාත්‍යන්තර සංචාරක ව්‍යාපාරය ඉහළ නැංවීම සඳහා දේශීය සංචාරක ව්‍යාපාරයේ පදනම පුළුල් කිරීම


පහත සඳහන් දෑ සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කැපවී සිටී.

  • ශ්‍රී ලංකාව දෙස් විදෙස් සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීම,

  • මෙම අංශය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් සකස් කරන ලද ප්‍රතිපත්තිය තුළ සංචාරක ව්‍යාපාරය සහ සංචාරක කර්මාන්තය යන කරුණු මත විෂයභාර අමාත්‍යවරයාට උපදෙස් දීම;

  • ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස දෙස් විදෙස් වශයෙන් සංවර්ධනය කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ අලෙවිකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට මඟ පෙන්වීම;

  • මානව සම්පත් පුහුණු හා සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයට මඟ පෙන්වීම;

  • ශ්‍රී ලංකා ආර්ථිකයේ ව්‍යාප්තිය හා සංවර්ධනය සඳහා දායකත්වයක් ලබා ගැනීම සඳහා සංචාරක අංශ වැඩිදියුණු කිරීම;

  • තිරසාර ලෙස ආගන්තුක සත්කාර කර්මාන්තය ඇතුළුව ප්‍රමාණවත්, ආකර්ෂණීය හා කාර්යක්‍ෂම සංචාරක සේවාවන් සංවර්ධනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම;

  • සංචාරක කර්මාන්තය හා ඒ ආශ්‍රිත අනෙකුත් කර්මාන්ත සම්බන්ධයෙන් දේශීය හා ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන් සංවර්ධනය කිරීම, බලාත්මක කිරීම සහ නඩත්තු කිරීම සඳහා සංචාරක ව්‍යාපාර සඳහා බලපත්‍ර ලබා දීම සහ බලය පැවරීම;

  • සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට හා පුහුණු කටයුතු සඳහා පෞද්ගලික අංශයේ සහභාගීත්වය දිරිමත් කිරීම;

  • තවද ඉහත සඳහන් සියළුම හෝ කිසියම් හෝ අරමුණක් සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය හෝ වැදගත් විය හැකි වෙනත් සියලු ක්‍රියා ඉටු කිරීම.

ඉහත කරුණු සැලකිල්ලට ගෙන සංචාරක කර්මාන්තයේ වර්ධනයට පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය රජය සහ පෞද්ගලික හා විදේශීය අංශ සමඟ එකතු වී ආයෝජන ලබා ගැනීම සහ නව හා පවත්නා නිෂ්පාදන සංවර්ධනය සඳහා කටයුතු කර ඇත.