...

SLTDA ව්‍යාපෘති

සංචාරක යටිතල පහසුකම් ව්‍යාපෘතිය

2004 සුනාමිය සහ දිවයිනේ සිදු වූ සියලු විනාශයන් හේතුවෙන් සංචාරක කර්මාන්තය මෙම තත්වයට වඩා හොඳින් සටන් කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය විසින් සංචාරක කලාප සංකල්පය හඳුන්වා දෙන ලදී. තාවකාලික සංචාරක සංවර්ධනය වළක්වා ගැනීම සඳහා නිශ්චිත මාර්ගෝපදේශ සකස් කිරීම සහ මෙම කලාප කාර්යක්ෂමව කළමනාකරණය කිරීම මෙහි අරමුණ විය. මෙම එක් එක් කලාප අලෙවිකරණය සඳහා, විශේෂිත තේමාවන් හඳුන්වා දෙන ලදී.

කුච්චවේලි බීච් රිසෝට්

  • පළාත: නැගෙනහිර
  • දිස්ත්‍රික්කය: ත්‍රිකුණාමලය
  • කොළඹ සිට දුර: 300km
  • කොළඹ සිට වාහනයකින් යාමට ගතවන කාලය: පැය 05 (දළ වශයෙන්)
  • ගුවන් ප්‍රවේශය ලද හැකි ආකාර: එක් ගුවන් හමුදා කඳවුරක් සහ හෙලිපෑඩ් හරහා
  • කොළඹ සිට ගුවන් මගින් යාමට ගතවන කාලය: විනාඩි 45 යි
  • අක්කරයක මිල: මිලියන 20 යි
  • ඉඩම් බදු කාලය: අවුරුදු 99 යි
  • ආයෝජකයින් සඳහා ලද හැකි ප්‍රමාණය: අක්කර 445
  • වර්තමාන තත්ත්වය: එක් හෝටලයක් ක්‍රියාත්මකයි. තවත් හෝටල් 2-4ක් ඉදිවෙමින් පවතී
  • යටිතල පහසුකම්: සියලුම බිම් කොටස් සඳහා මූලික යටිතල පහසුකම් ඇත

 

දයාසිරි ප්‍රනාන්දු මහතා
සහකාර අධ්‍යක්ෂක
සැලසුම් හා සංවර්ධන අංශය
Tel : 011-2437058, 011-3135941
දිගුව 215

දෙද්දූව ලේක් රෙසෝර්ට්

දෙද්දූව පිහිටා ඇත්තේ බෙන්තොටට නැගෙනහිර දෙසින් වන අතර එම ප්‍රදේශයේ ජලාශ, වගුරුබිම් සහ කුඹුරු බහුල ය.

වර්තමාන බෙන්තොට නිවාඩු නිකේතනයට නැගෙනහිර දෙසින් තෙත්බිම් හෙක්ටයාර 1800 ක් ආවරණය වන දෙද්දුව වැව පිහිටා ඇත. එම සංවර්ධන සැලැස්ම මඟින් දකුණින් කි.මී 20 ක් දුරක් දක්වා මාදු ග‍ඟ‍ෙහි පැරණි ජල මාර්ග විවෘත කිරීමත්, දෙද්දුව වැව ආශ්‍රිත ප්‍රදේශය සංවර්ධනය කිරීමත් සිදු කරන ලදී.

  • දෙද්දූව ලේක් රෙසෝර්ට්
  • සැලසුම් හා සංවර්ධන අංශය


දු.අං : 011-2437058, 011-3135941
දිගුව. 252

කල්පිටිය ව්‍යාපෘතිය

අගනුවරට කි.මී 150 ක් උතුරින් පිහිටි කල්පිටිය ප්‍රදේශය ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ පිහිටි ඉතා සුන්දර වෙරළබඩ ප්‍රදේශයකි. කල්පිටිය යනු ඉන්දියන් සාගරයෙන් පුත්තලම කලපුව වෙන් කරන අර්ධද්වීපයක් වන අතර එය මුහුදු වෙරළ, තැනිතලා බිම්, ලුණු ලේවාය, කඩොලාන වගුරුබිම්, කරදිය වගුරු බිම් සහ විශාල වැලි කඳු සහිත වෙරළ තීරයකින් සමන්විතය. එය සත්ත්ව විශේෂ රැසකට වාසස්ථාන සපයන සාගර අභයභූමියකි.

ලබා ගත හැකි ආයෝඡන අවස්ථා සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය 2008 දී 'කල්පිටිය ඩච් බේ රිසෝර්ට්' සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කළේය.

කල්පිටිය අයිලන්ඩ් රිසෝර්ට්t
දු.අං. : 011-2437058
දිගුව. 240

පාසිකුඩා රිසෝර්ට්

පාසිකුඩා යනු සංචාරක ආකර්ෂණය දිනාගත් පරිසර හිතකාමී සංවර්ධන ව්‍යාපෘතියකි. මුළු කල්කුඩා ප්‍රදේශයම තත්ත්ව පාලන සහතික ද සහිතව නිවාඩු නිකේතන වලින් සන්නද්ධ කරවීමට ආසියානු සංවර්ධන බැංකුව සහාය වේ. මෙම ව්‍යාපෘතිය මඟින් සාම්ප්‍රදායික නිකේතන වලින් ඔබ්බට යමින් දේශීය සංස්කෘතිය අත්විඳීමට කැමති සංචාරකයින්ගේ මනදොළ සපුරනු ලබයි.

යාල වයිල්ඩ් රිසෝර්ට්

  • පළාත: දකුණ
  • දිස්ත්රික්කය: හම්බන්තොට
  • කොළඹ සිට දුර: 292km
  • කොළඹ සිට වාහනයකින් යාමට ගතවන කාලය: පැය 05 (දළ වශයෙන්)
  • ගුවන් ප්‍රවේශය ලද හැකි ආකාර: එක් ගුවන් හමුදා කඳවුරක් සහ හෙලිපෑඩ් හරහා
  • කොළඹ සිට ගුවන් මගින් යාමට ගතවන කාලය: විනාඩි 45 යි
  • අක්කරයක මිල: මිලියන 8 යි
  • ඉඩම් බදු කාලය: අවුරුදු 99 යි
  • ආයෝජකයින් සඳහා පවතින ඉඩම්: කිසිවක් නැත
  • වර්තමාන තත්ත්වය: ක්‍රියාත්මකව පවතින හෝටල් 2 ක්, ඉදි කෙරෙමින් පවතින බංගලා 1 ක්, සහ අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බංගලා 6 ක්


එස්. දිදීපන් මහතා
සහකාර අධ්‍යක්ෂක
සැලසුම් හා සංවර්ධන අංශය
දුරකථන: 011-2437058
දිගුව. 420

කලාපීය සංචාරක ව්‍යාපෘති



අප්‍රසිද්ධ සංචාරක ආකර්ෂණ ව්‍යාපෘතිය

දිවයිනේ සෑම පළාතකම එතරම් ප්‍රසිද්ධියක් නොලැබූ ආකර්ෂණීය ස්ථාන ප්‍රවර්ධය කිරීමට සංචාරක අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මෙම ආකර්ෂණ ස්ථාන විවිධ සංචාරකයින්ට සහ ආයෝජකයින්ට විවිධ මාධ්‍ය හරහා දැනුම් දෙනු ඇත. උදා:- වෙබ් අඩවි, මුද්‍රිත මාධ්‍ය ආදිය.