...

ආයෝජන සහාය

ඍජු ආයෝජන

දකුණු ආසියානු කලාපයේ විදේශ ආයෝජන ප්‍රවර්ධනය කළ ප්‍රථම රට ශ්‍රී ලංකාව යි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ විදේශ ආයෝජන වැදගත් අංගයක් බැවින් එය සක්‍රීයව දිරිමත් කෙරේ. ශ්‍රී ලංකාවේ විදේශීය ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙර ආයෝජන මණ්ඩල (BOI) අනුමැතිය අවශ්‍ය වේ. ආයෝජනය මණ්ඩලය ස්වාධීන ආයතනයක් වන අතර රජයේ විදේශ ආයෝජනය කටයුතු සඳහා වග කියන ප්‍රධාන ආයතනය එයයි. ආයෝජන මණ්ඩල නීතියේ 17 වන වගන්තිය යටතේ, යම් නිර්ණායක සපුරාලන සමාගම් සඳහා ආයෝජන සහන සැපයේ. ආයෝජකයින්ට විශේෂිත බදු අනුපාතයන්, ආයෝජන ගිවිසුම් සඳහා ව්‍යවස්ථානුකූල සහතික කිරීම්, විනිමය පාලනයෙන් නිදහස් කිරීම් සහ 100% ලාභ සහ ප්‍රාග්ධනය ආපසු ලබා දෙනු ලැබේ. ආයෝජකයින්ට ශ්‍රී ලංකාවේ කර්මාන්ත සහ ප්‍රාග්ධන ආයෝජන වලදී බදු රහිත කාල සහ බදු සහන, තීරු බදු නිදහස් කිරීම් වැනි ආකර්ෂණීය බදු දිරි දීමනා සැපයේ.

ආයෝජන මණ්ඩල නීතියේ 17 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සමඟ ගිවිසුමක් මත විනිමය පාලන රෙගුලාසි වලින් නිදහස් කර ඇති අපනයන ව්‍යාපාරයකට: වාණිජ බැංකුවක ඕනෑම විදේශ මුදල් බැංකු ඒකකයක් (FCBU) සමඟ විදේශ මුදල් ගිණුමක් විවෘත කර ක්‍රියාත්මක කිරීමට, වෙනත් රටවලින් ණය ගැනීමට, ඕනෑම වාණිජ බැංකුවක් සමඟ ශ්‍රී ලංකා මුදල් ගිණුමක් විවෘත කර ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබේ.

ආයෝඡන මණ්ඩල නීතියේ 16 වන වගන්තිය යටතේ, ආර්ථිකයේ බොහෝ අංශ සඳහා 100% ක් දක්වා විදේශ සහභාගීත්වයට ශ්‍රී ලංකා රජය අවසර දෙන අතර, එවැනි ආයෝජන සඳහා ආයෝජන මණ්ඩලය ස්වයංක්‍රීයව අනුමැතිය ලබා දේ. ඇතැම් සීමා සහිත අංශ වල ආයෝජන පරීක්‍ෂණයට භාජනය වන අතර විදේශ ආයෝජනය 40% ඉක්මවන්නේ නම් එක් එක් අවස්ථාව අනුව අනුමැතිය දෙනු ලැබේ. විදේශ ආයෝජකයන් සම්බන්ධ කර ගත යුතු එකම ආයතනය ආයෝජන මණ්ඩලය වන අතර ආයෝජන ක්‍රියාවලියේ සෑම අදියරකදීම උපදෙස් හා ආධාර සපයනු ලැබේ. BOI විසින් සපයනු ලබන සේවාවන් නම්:

  • ව්‍යාපෘති අයදුම් කිරීමේ ක්‍රියා පටිපාටිය සඳහා තොරතුරු සහ මඟ පෙන්වීම, වෙනත් ආයතන වලින් අනුමැතිය ලබා ගැනීම සඳහා සම්බන්ධීකරණය කිරීම

  • අයදුම්පත් ඇගයීම, අදාළ අවස්ථා වල සහන සහිතව අනුමැතිය ලබා දීම

  • ආරම්භයේදී ආධාර ලබා දීම, ස්ථාන තෝරා ගැනීමට, කර්මාන්තශාලා ගොඩනැගිලි /තාක්‍ෂණික කරුණු පිළිබඳව උපදෙස් දීම, ආධාරක සේවා සැපයීම උදා. ජලය, විදුලිය, අපද්‍රව්‍ය පිරියම් කිරීම සහ සන්නිවේදන සේවා යනාදිය.

  • නේවාසික වීසා බලපත්‍ර ලබා දීම සඳහා ආගමන අධිකාරීන් වෙත නිර්දේශ කිරීම

  • ආනයන/අපනයන නිෂ්කාශනය පහසු කිරීම

  • පාරිසරික සම්මතයන්/අනුමත කිරීම් ගැන උපදෙස් දීම

  • ක්ෂේත්‍රය තුළ හොඳ සබඳතා සහ සේවක මණ්ඩල පිහිටුවීමට සහාය වීම


නිෂ්පාදන කළඹ සඳහා ආයෝජන

මෑත අතීතයේදී ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන හා කොටස් වෙළඳපොළ ආයෝජනය වේගවත් වර්ධනයක් පෙන්නුම් කළේය. සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) ශ්‍රී ලංකාවේ සුරැකුම්පත් වෙළඳපොළ නියාමනය කරන අතර කොටස් හුවමාරුවලට, කොටස් තැරැව්කරුවන්ට සහ අලෙවිකරුවන්ට බලපත්‍ර ලබා දේ. අවසර ලත් අංශ වල විදේශීය ආයෝජකයින්ට ශ්‍රී ලංකාවේ සමාගම් වල 100%ක් දක්වා කොටස් නිදහසේ මිලදී ගත හැකිය. නිෂ්පාදන කළඹ ආයෝජන පහසු කරවීම සඳහා, පූර්ව අනුමැතියෙන් පසුව, රටේ අරමුදල් සහ කලාපීය අරමුදල් වශයෙන් ද ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළ තුළ ආයෝජනය කිරීමට අවසර දෙනු ලැබේ. වාණිජ බැංකුවල පවත්වාගෙන යන කොටස් ආයෝජන ගිණුම් හරහා මෙම අරමුදල්වල ගනුදෙනු කටයුතු සිදු කළ යුතුය.

කොළඹ කොටස් වෙළඳපොළ (CSE), නැගී එන විශාල වෙළඳපොළ ප්‍රමිතීන්, අනුව කුඩා වුවත්, කලාපය තුළ වඩාත්ම කාර්යක්ෂම වෙළඳපොළකි. 1991 දී මධ්‍යම තැන්පතු පද්ධතියක් (CDS) පිහිටුවීම තුළින් සම්පුර්ණයෙන්ම පරිගණක ගත නිෂ්කාශන හා නිරවුල් කිරීමේ ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. 1997 දී කොළඹ කොටස් වෙළඳපොළ නවීන තාක්‍ෂණය පදනම් කරගත් ස්වයංක්‍රීය ඇණවුම් ගැලපුම් පද්ධතියක් (automated order matching system) ආරම්භ කරන ලද අතර CDS ස්වයංක්‍රීය වෙළඳ පද්ධතිය සමඟ ද එය සම්බන්ධ කෙරිණි. මෙම දියුණුව නිසා කොළඹ කොටස් වෙළඳපොළ ලෝකයේ තාක්‍ෂණික අතින් ඉහළ මට්ටමක ඇති එකක් බවට පත්විය. 1998 දී කොළඹ කොටස් වෙළඳපොළ ලෝක කොටස් හුවමාරු සම්මේලනයේ ප්‍රථම දකුණු ආසියානු සාමාජිකයා බවට පත්විය. එම වසරේම CDS පද්ධතිය ආසියා පැසිෆික් මධ්‍යම සුරැකුම්පත් සමූහයේ (ACG) සාමාජිකත්වය ද ලබා ගත්තේය.

කොළඹ කොටස් වෙළඳපොළ 2004 මාර්තු මාසයේදී සිය ණය වෙළෙඳ ක්‍රමය (DEX) නිල වශයෙන් දියත් කළේය. DEX මඟින් විනිමය හුවමාරුව තුළින් ආයතනික ණය උපකරණ වෙළඳාම් කිරීමට සහ රජයේ බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් හුවමාරුවට ඉඩ සලසයි. අන්තර්ජාලය මත පදනම් වූ තාක්ෂණයන් හා අනුගත වීම, තත්‍ය කාලීන කළමනාකරණය, භෞතික සුරැකුම්පත් හුවමාරුව වෙනුවට පරිගණක දත්ත මත ක්‍රියාත්මක විය හැකි බව (scripless trading) යනාදිය මෙහි විශේෂාංග වේ. දේශීය හා විදේශීය හවුල් ව්‍යාපාර තැරැව්කරුවන් 15 දෙනෙකු දැනට කොළඹ කොටස් වෙළඳපොළ තුළ ක්‍රියාත්මක වේ.


නිශ්චල දේපල ආයෝජනය

ශ්‍රී ලංකාවේ නිශ්චල දේපල වල විදේශ ආයෝජනය සඳහා (දේපල පොලී ඇතුළුව) කිසිදු අනුමැතියක් අවශ්‍ය නොවේ. කෙසේ වෙතත්, මහල් 3කට වඩා වැඩි ප්‍රමාණයක් තනිව මිලදී ගැනීමකදී, නිවාස ඒකක 100 කට වැඩි ප්‍රමාණයක් සඳහා සංවර්ධනය කිරීම සඳහා ඉඩම් අත්පත් කර ගැනීමකදී, රෝහල්, යටිතල පහසුකම් සහ පුරවැසියන් නොවන අය සඳහා විදේශ මුදල් රජයේ සුරැකුම් ගිණුම් වලින් ඩොලර් 150,000 කට වඩා වැඩි ප්‍රමාණයක් නඩත්තු කරන්නන් හැර අන් සියල්ලෝම දේපල වල වටිනාකමට 100% ක් මාරු කිරීමේ බද්දක් ගෙවිය යුතුය.

සමාගමක් සම්බන්ධයෙන් ගත් කල, නිකුත් කරන ලද කොටස් ප්‍රාග්ධනයෙන් 25% කට වඩා වැඩි ප්‍රමාණයක් පුරවැසියන් නොවන අය සතුව තිබේ නම්, මෙම 100% හුවමාරු බද්ද ගෙවීමට සමාගම බැඳී සිටී.