...

ආයෝජක සම්බන්ධතා ඒකකය

ආයෝජක සබඳතා ඒකකය

ආයෝජක සබඳතා ඒකකය (IRU) යනු ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ ආයෝජනය කිරීමට කැමති සංචාරක ආයෝජකයින්ට සහාය වීම සඳහා SLTDA තුළ පිහිටුවා ඇති මධ්‍යගත පහසුකම් සහ ප්‍රවර්ධන මධ්‍යස්ථානයයි. IRU යනු සංචාරක ආයෝජන පිළිබඳ තොරතුරු සහ සහාය අපේක්ෂා කරන ආයෝජකයින් සඳහා එක්-නැවතුම් ස්ථානයක් සහ සම්බන්ධතා ස්ථානයකි. IRU හි විශේෂිත කාර්ය මණ්ඩලය ආයෝජකයින්ට ඔවුන්ගේ ආයෝජන ව්‍යාපෘතිය යථාර්ථයක් කිරීමට උපකාර කිරීම සඳහා සියලුම ව්‍යාපෘති අනුමත කරන රාජ්‍ය ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කරයි.

ආයෝජන අනුමත කිරීමේ ක්‍රියාවලියේ මෑත කාලීන වැඩිදියුණු කිරීම් හේතුවෙන් ව්‍යාපෘති අනුමැතිය සඳහා ගතවන කාලය 40% දක්වා පහත හෙලීමට හේතු වී ඇති අතර මනා පුහුණුව ලත් වෘත්තීය කාර්ය මණ්ඩලයක් විසින් සිදු කරනු ලබන ඵලදායි පහසුකම් යාන්ත්‍රණයක් සමඟින් තවදුරටත් වැඩිදියුණු කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටී.

ලෝකයේ වඩාත්ම ඉල්ලූ නිවාඩු ගමනාන්තයක් වන ශ්‍රී ලංකාව තුළ සංචාරක ආයෝජකයෙකු ලෙස ඔබගේ සෑම අවශ්‍යතාවයක්ම ඉටු කිරීමට IRU දැන් සූදානම්. ඔබ ආයෝජනයක් කිරීමට සිතන මොහොතේ සිට ඔබේ ආයෝජන සිහිනය සැබෑ වන තුරු ඔබට උපකාර කිරීමට අපි සූදානම්.

welcome background image

අරමුණු


අරමුණු ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය විසින් ආයෝජක සබඳතා ඒකකය (IRU) පිහිටුවන ලද්දේ සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත ආයෝජන ප්‍රවර්ධනය කිරීම සහ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහාය. මේ හරහා ආයෝජකයන්ගේ වටිනා කාලය ඉතිරි කිරීම අපේක්ෂිතය.

මෙහි ප්‍රධාන අරමුණු පහත සඳහන් වේ:

  • ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ආයෝජනය කිරීමට උනන්දුවක් දක්වන පුද්ගලයන්ට තරදරයකින් තොරව තොරව කටයුතු කිරීමට පහසු මගක් සකස් කිරීම

  • සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා අදාළ සියලුම තොරතුරු එක්රැස් කිරීම සහ රැස්වීම්, දුරකථන, විද්‍යුත් තැපෑල හෝ අන්තර්ජාලය හරහා ආයෝජනයට උනන්දුවක් දක්වන පාර්ශ්වයන් හට එම තොරතුරු වෙත පහසු ප්‍රවේශයක් ලබාදීම

  • ආයෝජනයට උනන්දුවක් දක්වන පාර්ශ්වයන් හට- දැනට පවතින ආයෝජන අවස්ථා, සංවර්ධනයට විවෘත ඉඩම්, ආරම්භ කර ඇති ව්‍යාපෘති සහ සංචාරක අවශ්‍යතා පිළිබඳව තොරතුරු ලබා දීම සහ ඒ පිළබඳව ඔවුන් දැනුවත් කිරීම

  • කෙටි කාලයක් ඇතුලත ආයෝජන සඳහා අවශ්‍ය ශක්‍යතා අධ්‍යයන සහ අනෙකුත් විශ්ලේෂණ ලබා දීම

  • විධිමත් ක්‍රියාවලියක් ඔස්සේ, අවම කාලයක් තුල ආයෝජන අනුමත කිරීම සඳහා අදාළ ආයතනවල කාර්යයන් මධ්‍යගත කිරීම


ආයෝජක සබඳතා ඒකකයේ සේවා


ආයෝජනය සඳහා ලබා ගත හැකි සේවා

  • දැනට පවතින සංචාරක ආයෝජන අවස්ථා පිළිබඳ තොරතුරු

  • ආයෝජන ප්‍රවර්ධනයට සහ තොරතුරු රැස් කිරීමට උපකාර කිරීම

  • පවතින ඉඩම්වල නාමාවලියක් ලබා දීම

  • හවුල් ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන ආයෝජකයින්ට ව්‍යවසායකයින් සොයා ගැනීමට උපකාර කිරීම

  • අයදුම් පත්‍රය සම්පූර්ණ කිරීමට උපකාර කිරීම

  • ස්ථානීය පරීක්ෂාවන් සංවිධානය කිරීම

  • රැස්වීම් වලදී ආයෝජකයා නියෝජනය කිරීම

  • ව්‍යාපෘති නිෂ්කාශන බලපත්‍ර ක්‍රියාවලිය සඳහා සහාය


ආයෝජනය කිරීමේදී ලද හැකි සේවාවන්

  • රජයේ ආයතනවල අනුමැතිය ලද බව වේගවත්ව දත හැකි වීම

  • ආයෝජනය සඳහා අවශ්‍ය ගොඩනැගිලි සැලසුම් අනුමැතිය සම්බන්ධීකරණය කිරීම

  • අවසන් අනුමැතිය ලබා දෙමින් ආයෝඡන මණ්ඩල දිරි දීමනා යෝජනා සම්බන්ධීකරණ මණ්ඩලය


ඉදිකිරීම් සඳහා අවසන් නිෂ්කාශනයෙන් පසු ලබා ගත හැකි සේවාවන්

  • වීසා බලපත්‍ර සඳහා නිර්දේශය

  • ඉදිකිරීම් ප්‍රගතිය නිරීක්ෂණය සහ ඉදිකිරීම් සඳහා පහසුකම් සැලසීම



දිස්ත්‍රික්ක අනුව සංචාරක වත්කම්