...

සංචාරක ක්ෂේත්‍රය ගැන දැන ගන්න

සංචාරක ක්ෂේත්‍රය ගැන දැන ගන්න

සංචාරක ව්‍යාපාරය යනු ශ්‍රී ලංකාවේ පැරණිතම කර්මාන්තයකි. සියවස් ගණනාවක් පුරාවට නැගෙනහිර ආසියාව සහ යුරෝපය අතර සංචාරය කරන සේද මාවතේ වෙළෙන්දන්, සහ නැවියන් ශ්‍රී ලංකාවට පැමිණියේ ලංකාව සංක්‍රමණයට, වෙළඳාමට, සහ නැරඹීමට කදිම දිවයිනක් වූ බැවිනි. සාපේක්ෂව කුඩා දූපතක් වුවද රටේ සුවිසල් විවිධත්වය නිසා විවිධ අත්දැකීම් පහසුවෙන්ම ලද හැකිය.

නැගෙනහිර හා බටහිර මුහුදු මාර්ග වල අතර මැද පිහිටා ඇති ශ්‍රී ලංකාව දකුණු ආසියාවට පහසුවෙන් ඇතුළු විය හැකි ස්ථානයකි. දේශපාලන හා ආර්ථික ස්ථාවරභාවය සහ ආයෝජන ගලා ඒම හේතුවෙන් වෙළෙඳ, ආයෝජන, සන්නිවේදන හා මූල්‍ය සේවා සඳහා ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ ගෝලීය සැපයුම් කේන්ද්‍රස්ථානයක් බවට පත් විය.

ශ්‍රී ලංකාවේ සංචාරක අංශය ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. ආරක්ෂිත රටක් වීමත්, ජාත්‍යන්තර වශයෙන් පුළුල් අවධානයක් ලැබීමත් එයට හේතු වී තිබේ. පෞද්ගලික අංශය සහ විදේශීය ආයෝජකයින් විසින් සිදු කරන ලද සැලකිය යුතු ඍජු ආයෝඡනය මෙන්ම මෑත වසරවල අනෙකුත් ප්‍රධාන පාර්ශවකරුවන් ගත් පියවර මඟින් මෙය තවදුරටත් වැඩිදියුණු විය.

සංචාරක ව්‍යාපාරය යනු ලොව ඇති විශාලතම සේවා කර්මාන්තයයි. ඇ.එ.ජ. ඩොලර් ට්‍රිලියන 8.2ක් (2017 දී) සමග එය ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 10% කට ආසන්න ප්‍රමාණයක් ද ගෝලීය අපනයන වලින් 7% ක් ද වන අතර සමස්ත සේවා නියුක්තියෙන් 10% කට ආසන්න ප්‍රමාණයකට ද සංචාරක අංශය දායක වේ. එය විවිධාංගීකෘත හා සංකීර්ණ අංශයක් දක්වා පරිණාමය වී ඇති අතර දැන් එය ලෝකයේ වඩාත්ම ආර්ථික වශයෙන් වැදගත් අංශයක් ලෙස පිළිගැනේ. නිවාඩු සඳහා සහ ව්‍යාපාරික සංචාරය සඳහා විශේෂිත වූ වෙළෙඳපොළ කොටස් එය වටා ගොඩනැගී ඇත.

ගෝලීය, කලාපීය සහ දේශීය වෙළෙඳාම, ආයෝජනය, යටිතල පහසුකම්, ආදායම සහ පරිසරය (දේශගුණික විපර්යාස ඇතුළුව) කෙරෙහි සංචාරක අංශය අතිමහත් බලපෑමක් ඇති කරයි. සංචාරක ව්‍යාපාරය දුප්පත්කම සැලකිය යුතු ලෙස අඩු කිරීමටත්, සංවර්ධනය වෙමින් පවතින සත්කාරක රටවල් සමග හවුලේ කටයුතු කරමින් සමෘද්ධිමත් වීමටත් ඉවහල් වේ. 2014 දී සංචාරකයින් සංවර්ධනය වෙමින් පවතින රටවල ඩොලර් බිලියන 413 ක් වියදම් කර ති‍බේ. එය සංවර්ධන ආධාර මෙන් තුන් ගුණයකටත් වඩා වැඩිය. බොහෝ නැගී එන රටවල් සඳහා සේවා අපනයනයෙන් 40% ක් දක්වා (ගෝලීය වශයෙන් 30% ට වඩා වැඩි සාමාන්‍යයක්) සංචාරක ව්‍යාපාරය නියෝජනය කරයි. එය අනෙකුත් කර්මාන්ත වලට වඩා කාන්තාවන්ට සහ තරුණයින්ට වැඩි රැකියා අවස්ථා ලබා දේ. එයට පරිසර සංරක්‍ෂණයට දායක විය හැකිය. ගෝලීය වශයෙන් සමාජ යහපැවැත්ම ද වැඩි දියුණු කළ හැකිය.