...

සංවර්ධන සම්මතයන්

සංවර්ධන සම්මතයන්

සංචාරක සංවර්ධනය සමාජයීය හා පාරිසරික වශයෙන් පිළිගත හැකි අයුරින් සිදු කෙරෙන බව සහතික කිරීම සඳහා සංවර්ධන ප්‍රමිතීන් අවශ්‍ය වන අතර සංවර්ධනය සංචාරකයින්ගේ අවශ්‍යතා මෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක අංශයේ සමස්ත ප්‍රතිපත්ති හා අරමුණු සපුරාලීම සඳහා දායක වේ.

welcome background image

යටිතල පහසුකම්

සියලුම සංචාරක ආයතන සඳහා ජල සැපයුම ප්‍රමිතියෙන් හා ප්‍රමාණයෙන් සෑහෙන තරම් පැවතිය යුතු අතර සැපයුම් ප්‍රභවයන් තිරසාර විය යුතුය. හෝටල් සඳහා දිනකට අමුත්තෙකුට අවම අවශ්‍යතාව ලීටර් 450 කි. වීදුරු බෝතල් කළ ජලය භාවිතය දිරිමත් කෙරේ.


එකතු වන ජලය

තෙතමනය හා පරිසර හානි නොවන පරිදි ජලය ඉවත් කිරීම සඳහා ජලාපවහනය ප්‍රමාණවත් විය යුතුය. එකතු කිරීම සහ නැවත භාවිතා කිරීමේ සැලසුම් ක්‍රියාවලියට ඇතුළත් කළ යුතුය.


විදුලි බලය

සියලුම සංචාරක ආයතනවල ප්‍රමාණවත් සහ විශ්වාසදායක බල සැපයුමක් හෝ උත්පාදන ධාරිතාවක් තිබිය යුතුය. පරිසර හිතකාමී විකල්ප ප්‍රභවයන්, විශේෂයෙන් සූර්ය බලශක්තිය භාවිතය දිරිමත් කෙරේ.
සන්නිවේදනය

හෝටල් සඳහා කාමර 10 සිට 20 දක්වා අවම වශයෙන් දුරකථන සබඳතාවක් වශයෙන් ඉල්ලුමේ ස්වභාවය සහ සේවා මට්ටම අනුව තිබීම සුදුසු වේ.


මළාපවාහන

කුඩා සංචාරක පහසුකම් සඳහා, භූගත ජලය දූෂණ නොවන ලෙස, අවම වශයෙන් අවශ්‍යතා සපුරාලන, නිසි පරිදි සැලසුම් කර ඉදිකරන ලද ටැංකියක් සහ උරා ගන්නා පද්ධතියක් පිළිගත හැකිය. සියළුම නව හෝටල් සහ අනෙකුත් සැලකිය යුතු සංචාරක පහසුකම් ඵලදායී ලෙස අවට පවතින අපවහන පද්ධති සමඟ සම්බන්ධ කළ යුතුය, නැතහොත් මධ්‍යම පරිසර අධිකාරියේ අනුමත ප්‍රමිතීන්ට අනුකූලව අපද්‍රව්‍ය පිරියම් කිරීමේ පහසුකම් සැකසිය යුතුය.


ඝන අපද්‍රව්‍ය

සනීපාරක්‍ෂක ද්‍රව්‍ය එකතු කිරීමේ හා ගබඩා කිරීමේ පහසුකම්, ප්‍රතිචක්‍රීකරණය සඳහා වෙන් කිරීමට පහසුකම් සැපයිය යුතුය. හෝටල් සඳහා අමුත්තෙකුට දිනකට කිලෝග්‍රෑම් 0.5 ලෙස සලකා ඉඩ වෙන් කිරීම ප්‍රමාණවත්ය. මහා පරිමාණ ව්‍යාපෘති සඳහා ස්ථානීයව අපද්‍රව්‍ය දහනය කිරීම උචිත විය හැකිය. අපද්‍රව්‍ය සංයුක්ත කිරීම දිරිමත් කෙරේ.
භූගත කේබල්

නව සංචාරක සංවර්ධන කටයුතු සඳහා, දෘශ්‍ය පෙනුම වැඩි කිරීම සඳහා කේබල් සේවා භූගතව ක්‍රියාත්මක විය යුතුය. පවත්නා සංචාරක ප්‍රදේශ සහ ආකර්ෂණ ස්ථාන දැනට පවතින සැපයුම් මාර්ග වලට "භූගත කිරීම්" ලබා දිය යුතුය.


පාරිසරික බලපෑම් තක්සේරුව

සංචාරක ව්‍යාපාරය සම්බන්ධ සියළුම ව්‍යාපෘති; අනුමැතිය සඳහා මධ්‍යම පරිසර අධිකාරිය වෙත යොමු කෙරේ. ව්‍යාපෘතියේ පරිමාණය සහ ප්‍රදේශයේ සංවේදීතාව මත පදනම්ව මධ්‍යම පරිසර අධිකාරිය පාරිසරික අධ්‍යයනයක් (මූලික පාරිසරික විභාගයක් හෝ සවිස්තරාත්මක පාරිසරික බලපෑම් තක්සේරු අධ්‍යයනයක්) සිදු කරනු ඇත.

 

 

සමාජ සම්බන්ධතා තක්සේරුව (SIA)

ප්‍රධාන සංචාරක සංවර්ධනය සඳහා සහ සමාජීය වශයෙන් අවදානමට ලක්විය හැකි ස්ථානවල සිදු කෙරෙන සියළුම ව්‍යාපෘති සඳහා සමාජීය බලපෑම් තක්සේරුවක් සිදු කළ යුතුය.

බෑවුම්

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, දුම්රිය දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය යනාදියේ රෙගුලාසි වලට අනුකූලව ප්‍රමාණවත් බෑවුම් පවත්වා ගත යුතුය.

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ගේ වෙරළ කලාප කළමනාකරණ සැලැස්මේ බෑවුම් සීමාවන් හඳුනාගෙන ඇත. සංචාරක කලාප තුළ බෑවුම් පවත්වා ගත යුතුය. බෑවුමක් තුළ කිසිදු ආකාරයක ස්ථිර ඉදි කිරීමකට ඉඩ නොදේ. කෙසේ වෙතත්, ස්ථිර පදනමක් නොමැතිව පහසුවෙන් ඉවත් කළ හැකි සංවර්ධනයන්ට අවසර දෙනු ඇත.

ජල ක්‍රීඩා වලට අදාළ ගොඩනැගිලි (ඒවායේ මෙහෙයුම් කටයුතු සඳහා වෙරළට නුදුරින් තැනීමට අවශ්‍ය වන අවස්ථා) ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් අවස්ථානුකූලව සලකා බලනු ඇත.

 

ස්වාභාවික සම්පත් සම්පාදනය

සියළුම සංචාරක සේවා ආයතන වල පිරිසිදු නිෂ්පාදන තාක්‍ෂණයන්, අඩු ජල පරිභෝජන උපකරණ, වැසි ජලය ඵලදායී ලෙස භාවිතා කිරීම සහ විකල්ප බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීම දිරිමත් කෙරේ.

 

 

මලාපවාහන පද්ධතිය

කාමර 20 නොඉක්මවන කුඩා සංචාරක පහසුකම් සහ නවාතැන් ඒකක සඳහා, භූගත ජල දූෂණයෙන් තොර, අවම අවශ්‍යතා සපුරාලන, නිසි පරිදි සැලසුම් කර ඇති ටැංකියක් සහ උරා ගන්නා පද්ධතියක් පිළිගත හැකිය.

සියලුම නව හෝටල් සහ අනෙකුත් සැලකිය යුතු සංචාරක පහසුකම් ඵලදායී ලෙස අවට ඇති අපවහන පද්ධති සමඟ සම්බන්ධ කළ යුතු අතර හෝ ප්‍රතිචක්‍රීකරණය සඳහා ඉඩ සලසමින්, මධ්‍යම පරිසර අධිකාරියේ අනුමත ප්‍රමිතීන්ට අනුව අපද්‍රව්‍ය කළමනාකරණය කළ යුතුය.

ප්‍රතිචක්‍රීකරණය කළ ජලය සේදීම සහ ගෙවතු වගාව සඳහා ප්‍රයෝජනයට ගත යුතු අතර අතිරික්ත ජලය පිළිගත හැකි අයුරින් මධ්‍යම පරිසර අධිකාරියට සහ ප්‍රාදේශීය පාලන මාර්ගෝපදේශයන්ට අනුකූලව බැහැර කළ යුතුය.

එකතු වන ජලය බැහැර කිරීම

තෙතමනය ඇති නොවන පරිදි හා පරිසරයට හානි නොවන පරිදි ජලය ඉවත් කිරීම සඳහා ජලාපවහනය පද්ධතිය ප්‍රමාණවත් එකක් විය යුතුය. බැහැර කෙරෙන ජලය එකතු කිරීම සහ නැවත භාවිතා කළ යුතුය.

ආරක්ෂාව

අමුත්තන්ගේ ආරක්‍ෂාව සඳහා ප්‍රමාණවත් පහසුකම් සැපයිය යුතුය. ප්‍රමාණවත් ගිනි අනතුරු ඇඟවීම් සහ ඉවත්ව යාමේ විධිවිධාන තිබිය යුතුය.

භූමි ප්‍රමාණය

30% ක උපරිම ආවරණය (එනම් ගොඩනැගිල්ලක පාදමේ මුළු ප්‍රදේශයේම ප්‍රතිශතයක් ලෙස") සංවර්ධන කටයුතු සඳහා යෙදිය යුතුය. සංවර්ධනය කළ හැකි ස්ථාන අඩු, මධ්‍යම හෝ ඉහළ යනාදී ලෙස ඉදිකිරීමේ ඝනත්වය අනුව ශ්‍රේණිගත කළ යුතුය. ප්‍රාදේශීය ඉඩම් කොන්දේසි, පොදු පිහිටීම සහ භූ දර්ශනය, දරණ ධාරිතාව සහ සමාජ විද්‍යාත්මක හා පාරිසරික අංශ වැනි කරුණු කෙරෙහි ද සලකා බැලිය යුතුය.

ශ්‍රේණිය අනුව උපරිම ඝනත්වය පහත පරිදි වේ

අඩු ඝනත්වය : හෙක්ටයාරයකට ඩබල් රූම් 25;
මධ්‍ය ඝනත්වය : හෙක්ටයාරයකට ඩබල් රූම් 62 ක්;
අධික ඝනත්වය : හෙක්ටයාරයකට ඩබල් රූම් 125;

වැඩි ඝනත්වයක් සලකා බැලිය යුත්තේ දරණ ධාරිතාව සහ EIA සහ SIA අධ්‍යයන මඟින් එවැනි වැඩිවීමක් පවත්වා ගත හැකි යැයි නිර්දේශ කරන ස්ථාන වල පමණි. පසුකාලීන දීර්ඝ කිරීම් සඳහා ඉඩ දිය යුතු නමුත් මුලින් නම් කරන ලද භූමි ප්‍රමාණය නොඉක්මවිය යුතුය.

භූමි අලංකරණය

භූමියක දැනට පවතින සහ යෝජිත භූමි අලංකරණය සඳහා පුළුල් විශ්ලේෂණයක් අවශ්‍ය වේ. සංවර්ධන යෝජනා ඉදිරිපත් කිරීමේදී අංග සම්පූර්ණ භූ නිර්මාණයක් ඉදිරිපත් කළ යුතුය. එසේම එය පෞද්ගලිකත්වය රැකෙන බව, ශබ්ද දූෂණය අඩු බව, දර්ශනීය බව වැඩි දියුණු කිරීම සහ සුළඟ වැනි කරුණු සැලකිල්ලට ගත් සම්පුර්ණ යෝජනාවක් විය යුතුය. මායිම් වැටවල්, මංමාවත්, පාරවල්, වීදිමය සැරසිලි සහ ප්‍රාදේශීය ආලෝකකරණය ද එම යෝජනාවට ඇතුළත් විය යුතුය. සැලැස්මට දැනට පවත්නා ගස් ද ඇතුළත් කළ යුතුය. කෙසේ වෙතත්, වැදගත් ගස් මුලිනුපුටා දැමීමට අවශ්‍ය නම්, ඒවායේ මුල් ප්‍රවේශමෙන් ඉවත් කර වෙනත් තැනක සිටුවිය යුතුය. දර්ශනීය වශයෙන් වාසිදායක ස්ථාන සංවේදීව සලකා බැලිය යුතු අතර වෙනත් අංග සුදුසු පරිදි ඇතුළත් කළ යුතුය. පැල තවාන් පවත්වාගෙන යාමට දිරිමත් කෙරේ.

වාත්‍රාශය සහ වායු සමීකරණය

අභ්‍යන්තර සැලසුම ඉහළ නැංවීම සහ විදුලි පරිභෝජනය සහ මෙහෙයුම් පිරිවැය අඩු කිරීම සඳහා පංකා භාවිතයෙන් පරිපූර්ණ ස්වාභාවික වාතාශ්‍ර පහසුකම් සහිත පොදු කාමර (ආලින්දයක් වැනි) සැලසුම් කිරීම සඳහා අවධානය යොමු කළ යුතුය. නිදන කාමර සැලසුම් කිරීමේදී විශේෂ අවධානයක් යොමු කළ යුතු අතර විශේෂයෙන් ජනේල සහ තිර ස්ථානගත කිරීම සැලසුම් කළ යුත්තේ වාතය නිදහස්ව යන පරිදි ය. මෙම වාතය විදුලි පංකා මඟින් සහ හෝ බිත්තියකින් බෙදන ලද වායුසමීකරණ ඒකකයක් ඇතුළත් කිරීම මඟින් අතිරේකව සැපයිය යුතුය. අමුත්තෙකුට ස්වාභාවිකව වාතාශ්‍රය ඇති හෝ වායු සමීකරණය කළ නිදන කාමරයක් තෝරා ගැනීමට මින් අවස්ථාව ලැබේ.

රථගාල

විශාල පදික වේදිකා සමග අලංකාරය නැසීම අවම කිරීම සඳහා වාහන නැවැත්වීම ද භූමි සැලැස්මට සම්පූර්ණයෙන්ම ඇතුළත් කළ යුතුය. හිරු රශ්මිය අවම කිරීමට සහ පෙනුම වැඩිදියුණු කිරීම සඳහා විවිධ මට්ටම්වල වෘක්ෂලතා ඇතුළත් කර වාහන නැවැත්වීමේ ස්ථාන කුඩා ඒකක ගණනාවකට බෙදීමට දිරිමත් කෙර්. වාහන නැවැත්වීම සඳහා වන ඉඩකඩ මීටර් 2.4 x මීටර් 4.8 ක් විය යුතු අතර අවම ඉඩ ප්‍රමාණය වර්ග මීටර් 30 ක් විය යුතුය. ප්‍රමාණවත් පරිදි වාහන නැවැත්වීමේ උපකාර සංඥා සලසා දිය යුතුය.

වාහන තදබදය අඩු ප්‍රදේශවල කොන්ක්‍රීට් හෝ සේදූ බොරළු වැනි යමකින් මුළු පරිශ්‍රයම ආවරණය කළ යුතුය. ටාර්මැකඩම් (Tarmacadam) පදික වේදිකා සාමාන්‍යයෙන් සුදුසු නොවේ. නම් කරන ලද ප්‍රදේශවලට සීමා කර වාහන නැවතුම් යොදමින් මාර්ග හොඳින් සැලසුම් කළ යුතුය.

මාර්ග

සංවර්ධන ස්ථාන තුළ, දෙපැත්තේ මාර්ග අවම වශයෙන් මීටර් 6 ක් පළල විය යුතු අතර, අංග සම්පූර්ණ පදික ඇවිදීමේ පද්ධතියක්, ආලෝකකරණය සහ ශාක සඳහා ප්‍රමාණවත් සැලසුමක්; අමුත්තන්ගේ ආරක්ෂාව සහ විනෝදය ලැබෙන පරිදි සැලසුම් කළ යුතුය. දෙපස ගස් සිටුවන ලද ඇවිදීමේ මාර්ග අවම වශයෙන් මීටර් 1.2 ක් පළල විය යුතුය. සංවර්ධන ස්ථාන වෙත පිවිසෙන ප්‍රධාන පිවිසුම් දොරටුවලදී දෘශ්‍ය රේඛා යෙදීමට සහ ඇතුළුවීමට හෝ පිටවීමට හැක්කේ කුමන වාහන වලට ද යන්න දැක්වීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුය. හැරවුම් කව (Turning circles) අවම වශයෙන් මීටර් 6 ක අරයක් තිබිය යුතු නමුත් ගමනාගමනය පහසු කිරීම සඳහා වැඩි අරයක් තිබීම හොඳය.