හිතවත් කර්මාන්ත පාර්ශවකරුවන්,අපගේ වටිනා කර්මාන්ත පාර්ශ්වකරුවන් සහ අපගේ සේවකයින් ආරක්ෂා කිරීම සඳහා; ඉදිරියට යමින් අප අයදුම්පත් භාරගන්නේ ලේඛන උඩුගත කිරීමේ පහසුකම ඇති අපගේ මාර්ගගත ද්වාරය හරහා පමණි. ඕනෑම ගෙවීමක් සඳහා කරුණාකර අපගේ ගෙවීම් දොරටුව භාවිතා කරන්න. මුල් ලේඛන කුරියර් මගින් ඉදිරිපත් කළ හැකිය. ඔබට කිසියම් ගැටළුවක් ඇත්නම් කරුණාකර 112426807/112426977 අංකයෙන් ප්‍රමිති සහ තත්ත්ව සහතික (SQA) දෙපාර්තමේන්තුව අමතන්න; මුදල් දෙපාර්තමේන්තුව (ටීඩීඑල්) 112426989 / 112426987; තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දෙපාර්තමේන්තුව 112426998/112426939. සම්බන්ධතා අංක සමඟ අදාළ සියලු විස්තර / අවශ්‍යතා මෙම පිටුවෙන් සොයාගත හැකිය (පහත).

...

welcome background image

ලියාපදිංචි වන්න

කරුණාකර මාර්ගගත සංචාරක ව්‍යාපාර බලපත්‍ර සේවාව (OTBLS) භාවිතයෙන් ලොගින් වන්න.

ලොග් වෙන්න

 

හෝ

ලියාපදිංචි වන්න

විද්‍යුත් තැපෑල වෙනස් කිරීමට අවශ්‍යද? කරුණාකර මෙම අයදුම් පත්‍රය පුරවා    otblshelp@srilanka.travel වෙත යවන්න

 

 ලියාපදිංචි වීමේ දැන්වීම බලන්න              English       සිංහල  

 

  මුදල් නිෂ්කාශනය සඳහා වන අවශ්‍යතා බලන්න 

  වැට් බදු ලියාපදිංචි පුද්ගලයින් සඳහා නිවේදනය

  බදු ගෙවන්නන් වෙත නිවේදනය

ඔබේ පැමිණිලි  අපට යොමු කරන්න

 

ACCOMMODATION SERVICE

හෝටල්

සාමාන්‍යයෙන් හෝටල් කාමරයක්, අළලා සකස් කරන ලද නානකාමර, වායු සමීකරණ හෝ දේශගුණික පාලන පද්ධතියක්, දුරකථන පහසුකම්, එලාම් ඔරලෝසුවක්, රූපවාහිනියක් සහ අන්තර්ජාල සම්බන්ධතාවක් (නොමිලේ, හෝ මිලදී ගැනීමට ඇත.) සමන්විත විය හැක. මිනි කුඩා බාර් එකක්, කේතලයකින්, සහ තේ සහ කෝපි සෑදීමේ පහසුකම් මීට අමතරව තිබිය හැක. ප්‍රමාණයෙන් විශාල හෝටල් අවන්හල්, පිහිනුම් තටාකයක් සහ ළමා සුරැකුම් සේවා වැනි අමතර පහසුකම් ගණනාවක් සපයයි. බොහෝ හෝටල් වල සම්මන්ත්‍රණ සහ උත්සව ශාලාද පවතී.

වැඩි විස්තර සඳහා, කරුණාකර අපගේ නියෝජිතයන් අමතන්න

සුජීවා අමරසේන මහත්මිය

+94 112 426 972

සුරංග ලියනපතිරණ මහතා

+94 112 426 807


 

 


 


          

 

බුටික් හෝටල්/විලා

බුටික් හෝටල් සහ විලා සාමාන්‍යයෙන් සුඛෝපභෝගී, පෞද්ගලික රුචින්ට ගැලපෙන් පරිදි සකස් කළ හෝ අපූරු හෝටල් වේ. මෙම හෝටල් මහා පරිමාන හා සන්නාමගත හෝටල් ජාල වලින් වෙනස් වන්නේ, උසස් සේවාවන්, පාරිභෝගික අවශ්‍යතා කෙරෙහි වැඩි අවධානය යොමු කිරීම සහ පුද්ගලීක රුචීන්ට ගැලපෙන් පරිදි සකස් කල සේවය නිසායි. ඒවා "ඩිසයිනර් හෝටල්" හෝ "ජීවන රටාවන්ට අනුකූල හෝටල්" ලෙසද හැඳින්වේ.

වැඩි විස්තර සඳහා, කරුණාකර අපගේ නියෝජිතයන් අමතන්න.

කුමුදුනී ගුණවර්ධන මහත්මිය

+94 112 426 957




"බුටික් හෝටල් සහ බුටික් විලා යන දෙකෙහිම මාර්ගෝපදේශ සමාන බව කරුණාවෙන් සලකන්න. කෙසේ වෙතත්, බුටික් විලාහි අවම වශයෙන් කාමර 5ක්වත් තිබිය යුතුය."

          

ආගන්තුක නිවාස

ආගන්තුක නිවාස යනු නිදන කාමර 05ක් හෝ වැඩි ගණනක් සහිත නවාතැන් පහසුකම් සපයන ආයතන වේ. මේවා සාමාන්‍යයෙන් කුඩා පරිමාණ ආයතනය. ඒවා බොහෝ විට තනිව සංචාරය කරන සංචාරකයින් (FITs) වෙත සේවාවන් සපයන අතර, හෝටල්වලට සාපේක්ෂව මූලික පහසුකම් පමණක් සපයයි.

වැඩි විස්තර සඳහා කරුණාකර අපගේ නියෝජිතයා අමතන්න.

නලින් හෙට්ටිආරච්චි මහතා

+94 112 426 945



          

නවාතැන් සපයන නිවෙස්/බංගලා/කුලියට දෙන නිවාස සහ මහල් නිවාස

නවාතැන් සපයන නිවෙස්, මේ වනවිට සංචාරකයන් අතර ප්‍රචලිත වෙමින් පවතී. මෙහිදී සිදුවන්නේ පදිංචිකරුවෙකුගේ ගෙදර ඇති කාමරයක් හෝ නිවසක් කුලියට දීමය. එවන් තැන් වලින් සපයන සේවාවන් එකිනෙකට වෙනස් විය හැකි අතර, සාමාන්‍යයෙන් සපයන පහසුකම් ගැන සත්කාරකයා සහ ආගන්තුකයා කල්තියා එකඟ වේ.

වැඩි විස්තර සඳහා කරුණාකර අපගේ නියෝජිතයා අමතන්න.

එම් ජෙයක්‍රිෂ්ණන් මහතා

+94 112 426 908

දයානන්ද රත්නායක මහතා

+94 112 426 947/ +94 112 426 806






 

 

          

Homestay

Home Stay Unit is a concept that provides maximum 4 bed rooms in your own residence with lodging arrangement where individuals, typically travelers or students, reside in a private residence with a host family. In a homestay, guests often have their own room and share common spaces, such as the kitchen and living room, with the host family. This type of accommodation offers a more immersive experience into the local culture, as guests have the opportunity to interact with and be a part of the daily life of the host family. Homestays are common in various contexts, including travel, cultural exchange programs, and language learning experiences.

For further details, please contact our representative.

Mr. M Jeyakrishnan

+94 112 426 908


අංග සම්පූර්ණ මහල් නිවාස

හෝටල්වලට සමාන සේවාවන් මෙහිදී සපයන නමුත්, සපයන කාමරය හෝටල් කාමර මෙන් නොව, කුඩා මහල් නිවාස මාදිලියේ ඒවායි. හෝටලයකට සමාන කාරර වෙන් කිරීමේ පද්ධතියක් භාවිතා කරන අතර කුස්සියක් ඇතුළු වෙනත් පහසුකම් සපයයි.

“පහත දැක්වෙන්නේ ගැසට් පත්‍රයේ කෙටුම්පතක් පමණක් වන අතර මෙම ලේඛනය වෙනස් කෙරෙමින් පවතින බව කරුණාවෙන් සලකන්න. එම නිසා ඔබගේ ව්‍යාපාර සැලසුම් මෙම ලේඛනය මත පදනම් තර නොගන්න. කෙසේ වෙතත්, මෙම ලේඛනය සාකච්ඡා කිරීමේ අරමුණු සඳහා, අනාගතයේ නීතිය වෙනස් විය හැකි බව සිහියේ තබා ගෙන, භාවිතා කල හැකිය".

සුජීවා අමරසේන මහත්මිය

+94 112 426 972


ආයුර්වේද හෝටල්

ආයුර්වේදය යනු ශ්‍රී ලංකාවේ භාවිතා වන දේශීය පාරම්පරික වෛද්‍ය පිළිවෙතකි. ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ මගපෙන්වීම යටතේ සම්බාහන, වාෂ්ප ස්නාන, කටු චිකිත්සා, භාවනා සහ යෝගා ඇතුළු ප්‍රතිකාර මෙම ආයකන වලදී ලබා දෙයි.

නේවාසිකාගාර

නේවාසිකාගාර යනු තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් සංචාරය කරන්නන් (සාමාන්‍යයෙන් බැක්පැක් කරන්නන්) කෙටි කාලීනව නවාතැන් ගන්නා ඒවාය. මෙම ආයතන සුළු මුදලකට, පොදුවේ භාවිතා කලයුතු පහසුකම් සහිත, හවුල් කාමර හෝ පොදු නිදන කාමර සපයයි.

එම් ජෙයක්‍රිෂ්ණන් මහතා

+94 112 426 908


 

          

තේමාවකට අනුව සකස් කල නවාතැන් සහ අගය එකතු කල ක්‍රියාකාරකම්

තේමාවකට අනුව සකස් කල නවාතැන් යනු පාරිසරික සහ/හෝ සංස්කෘතික අංගයන් මත පදනම් වූ "තේමාවක්" අනුව සංවර්ධනය කරන ලද සංචාරක නවාතැන්ය. තෝරාගත් තේමාවට ගැලපෙන අමුද්‍රව්‍ය හා භාණ්ඩ යොදාගනිමින් නිර්මාණය කල මෙම ආයතන, එම නවාතැන් ගත් පුද්ගලයාට එම ආයතනය තෝරාගත් "තේමාව" දැකීමට, දැනීමට සහ අත්දැකීමට අවස්තාව සලසා දෙයි.

කුමුදිනි මහත්මිය

+94 112 426957



          

 

කඳවුරු පවත්වා ගැනීමේ ස්ථාන

කූඩාරම්වල හෝ කැරවැන් තුල නිදාගැනීම සහ නවාතැන් ගැනීමට සඳහා සකස් කරන ලද, පොදු පහසුකම් වලින් සමන්විත, පාරිසරික හෝ සංස්කෘතික වටිනාකමක් ඇති ප්‍රදේශයක මායිමේ හෝ ඇතුලත පිහිටි ස්ථානයි. මේවැනි ස්ථාන ඇතුල්වීම සීමා කරන ලද ප්‍රදේශයක (උදා: වනජීවීන් සිටින කලාපයක්, රක්ෂිතයක්, ස්වාරක්ෂක කලාපයක් හෝ පූජනීය ප්‍රදේශයක්) හෝ ඇතුල්වීම සීමා නොකළ ප්‍රදේශයක තිබිය හැක.

වැඩි විස්තර සඳහා කරුණාකර අපගේ නියෝජිතයා අමතන්න.

අනුප රණවීර මහතා

+94 112 426 977


 

          

ECO ලොජ්

"Eco lodges යනු පාරිසරික වැදගත්කමක් ඇති පරිසරයක සාදා ඇති, අවම පහසුකම් ඇති නවාතැන්ය. මෙම ආයතන පරිසරය දූෂණයෙන් හා විනශෙයෙන් ආරක්ෂා කිරීමේ සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර, බලශක්ති පරිභෝජනය සහ නාස්තිය අවම කරන තාක්‍ෂණයන් භාවිතා කරමින්, සිය සේවකයන්ට හොඳින් සලකම්න්, යාබද ප්‍රජාවන්ට සමාජ ආර්ථික ප්‍රතිලාභ උත්පාදනය කරමින් කරගෙන යන සේවාවන් වේ. "පාද සටහන් හැර කිසිවක් ඉතිරි නොකරන්න සහ මතකයන් හැර වෙන කිසිවක් නොගන්න" යන මූලධර්මය Eco ලොජ් බොහෝවිට අනුගමනය කරයි.

වැඩි විස්තර සඳහා කරුණාකර අපගේ නියෝජිතයා අමතන්න.

සුරංග ලියනපතිරණ මහතා

+94 112 426 807


          

Heritage Tourist Hotel

Intangible culture is the principal motivation for travel, with Tourists seeking to engage with new cultures and to experience the global variety of performing arts, handicrafts, rituals, and cuisines, a niche high-end market of Tourists would prefer to stay in heritage enrich accommodation facilities during their travel.

As defined, A Heritage Tourist Hotel shall be located in a building declared under the Antiquities Ordinance No. 09 of 1940 or shall be in an ancient construction with Historical and Archaeological value which has been constructed prior to 1920 (not less than 100 years of age) which can be declared under the Antiquities  (Amendment)  Act No. 24 of 1988. The exterior of the building shall not be interfered with or modified from the original appearance. Any additions carried out shall be done in such a manner that the external appearance is maintaining the original architectural features as far as practically possible. After expansion and alterations the newly built-up area shall not be more than 50% of the combined total built-up area (excluding swimming pools) of the new and old. The services provided to the guests shall reflect the type of service which prevailed during the era of the building.

For further details, please contact our representatives.

Ms. Sujeewa Amarasena

+94 112 426 972



          

Tourist Apartment Hotel

A Tourist Apartment Hotel is a purpose-built facility consisting of a number of individual apartments, individually or wholly owned and including all hotel services operated by a single entity, with luxury star class facilities.

For further details, please contact our representatives.

Mr. Anupa Ranaweera

+94 112 426 977



          

OTHER SERVICE

අවන්හල්

ෙම ආයතන පාරිභෝගිකයින්ට ආහාර පාන පිළියෙළ කිරීම සහ සැපයීම සිදු කරයි. අවන්හලෙන් ආහාර මිලදී ගෙන රැගෙන යාම සහ ආහාර බෙදා හැරීමේ සේවාවන් තිබුනද, බොහෝ විට ආහාර පිරිනමනු ලබන්නේ සහ පරිභෝජනය කරනු ලබන්නේ අවන්හල තුළ ය. විවිධ ආහාර වර්ග සහ සේවාවන් පිරිනැමීම හේතුවෙන් අවන්හල් පෙනුමෙන් සහ පිරිනමන සේවා වලින් එකිනෙකට වෙනස් වේ.

අමුත්තන් හට වේටර්වරුන් හරහා, කවුන්ටරයෙන් හෝ බුෆේ ආකාරයෙන් අහාර ලබා ගැනීමට හැකිය.

SLTDA හි අපගේ කාර්ය මණ්ඩලය අනාගත ආයෝජකයින්ට සහය දැක්වීමට සැමවිටම සූදානම්ය.

නාමලී වෙදුම්පුලිආරච්චි මෙනවිය

+94 112 426 975



          

සම්බාහන සහ සුවතා මධ්‍යස්ථානය

ආයුර්වේද සෞඛ්‍ය මධ්‍යස්ථානයක් තුලට ඇතුළු වන ඔබට දැනෙන්නේ නිස්කලංක හැඟීමකි. මෙම ආයතනවලින් ඔබේ සෞඛ්‍යය සහ රූපය රැක ගන්නේ කෙසේද යන්න පිළිබඳවද ඔබට උපදෙස් දෙනු ලැබේ. මෙම ආයතන තුලදී ශරීරට පිරිසිදු කර, සම්බාහනය කර, මල්, පොතු සහ කොළ වලින් පොහොසත් ශාකසාර ගල්වනයන් තවරා, එම යුෂ ඔබේ ශරීරයට උරාගෙන ඔබට සුවයක් ලබාදේ.

භාවිතා කරන අමුද්‍රව්‍ය සියල්ල ස්වභාවික වේ. මෙම ආයතන වල භාවිතා කරන දේ බොහෝ ශාකවල මුල්, කඳන්, පොතු, කොළ, මල්, බීජ, පලතුරු සහ ගෙඩි වලින් ලබා ගනී. කිරි, මී පැණි, මුතු, කස්තුරි, ඇටකටු සතුන්ගෙන් ලබා ගන්නා අතර යකඩ, රන්, රිදී සහ තඹ පොළොවෙන් ලබා ගනී.

දිවයින වටා පිහිටුවා ඇති ආයුර්වේද සෞඛ්‍ය මධ්‍යස්ථාන, සෞඛ්‍ය ස්පා මධ්‍යස්ථාන සහ සුවතා මධ්‍යස්ථාන හරහා සංචාරකයන්ට ආයුර්වේද ක්‍රම අත්විඳිය හැක. මෙම මධ්‍යස්ථානවල බොහෝ විට ආයුර්වේද ප්‍රතිකාර සපයන අතර සමහර මධ්‍යස්ථානවල ජපන්, චීන සහ තායි වෛද්‍ය ක්‍රම මෙන්ම සුගන්ධ තෙල් යොදා ගනිමින් සිදු කරන ප්‍රතිකාරද භාවිතා වේ.

ආයුර්වේද වෛද්‍යවරයකුගේ හෝ සම්බාහන ප්‍රතිකාර පිළිබඳ විශේෂඥයෙකුගේ මඟපෙන්වීම යටතේ මෙම ප්‍රතිකාර සෑම විටමසිදු කෙරේ. ආයුර්වේදය ඔබේ මනසට සහ ශරීරයට විවේකයක් ලබා දෙනවා පමණක් නොව, ස්වභාවික අමුද්‍රව්‍ය යොදා සකස් කල ඖෂධ තුළින් සිරුරේ අවයව නිසි ලෙස ක්‍රියාත්මක වීමට උපකාරී වනු ඇත..

SLTDA හි අපගේ කාර්ය මණ්ඩලය අනාගත ආයෝජකයින්ට සහය දැක්වීමට සැමවිටම සූදානම්ය.

කුමුදුනී ගුණවර්ධන මහත්මිය

+94 112 426 957



          

කුළු බඩු උද්‍යාන

අපනයනයට, ඖෂධ සඳහා, ශ්‍රී ලාංකික ආහාර පිසීම සඳහා මෙන්ම කෘෂි-සංචාරක ව්‍යාපෘති සඳහා කුළුබඩු උද්‍යානවල වගා කරනු ලබන කුළුබඩු භාවිතා කෙරේ.

ශ්‍රී ලංකාවේ වැවෙන කුරුඳු අතීතයේ සිටම ලොව ප්‍රචලිත කුළුබඩු වර්ගයකි. කුරුඳු ශ්‍රී ලංකාවේ කුළුබඩු උද්‍යාන වලට ආවේනික වේ. ශ්‍රී ලංකාවේ කුරුඳු, ප්‍රනීත සුවඳකින් මෙන්ම රසයකින් යුක්තය.

මැද පෙරදිග රටවල ප්‍රචලිත කුළුබඩුවක් වන එනසාල් එය ශ්‍රී ලංකාවේ කුළුබඩු උද්‍යානවල වවන වටිනාම බෝගයකි. එනසාල් පැල වර්ධනයට සෙවන සහිත පරිසරයක් අවශ්‍ය වේ.

ශ්‍රී ලංකාවේ කුළුබඩු උද්‍යානයේ ප්‍රධාන අංගයක් වන්නේ කරපිංචා ගසයි. නැවුම් කරපිංචා කොළ වලින් මුළු ව්‍යංජනම රසවත් කරයි, සුවඳ ගන්වයි.

SLTDA හි අපගේ කාර්ය මණ්ඩලය අනාගත ආයෝජකයින්ට සහය දැක්වීමට සැමවිටම සූදානම්ය.

එම් ජෙයක්‍රිෂ්ණන් මහතා

+94 112 426 908



          

සංචාරක මාර්ගෝපදේශක (රියදුරු/ජාතික මාර්ගෝපදේශක/ ප්‍රාදේශීය මාර්ගෝපදේශක/ අඩවි මාර්ගෝපදේශක)

සංචාරක මාර්ගෝපදේශකයන්, රියදුරන්, සහ සංචාරක නියෝජිතයින්ට ඔවුන්ගේ රැකියාවේ නිපුණතාවය තහවුරු කර ගැනීමට සහ කර්මාන්ත ප්‍රමිතීන් පවත්වා ගැනීමට SLTDA මගින් විවිධ ආකාරයේ පුහුණුවීම් ලබා දෙයි. ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය පිහිටුවා ඇත්තේ ආගන්තුක සත්කාර සහ සංචාරක යන ක්ෂේත්‍රයන්හි රැකියා සඳහා තරුණ තරුණියන් පුහුණු කිරීමටය. .

වැඩි විස්තර සඳහා, කරුණාකර අපගේ නියෝජිතයන් අමතන්න.

නෙරංජන් වැලිපිටිය මහතා

+94 112 426 971

 




          

සංචාරකයන් සඳහා හිතකාමී ආහාර ගන්නා ස්ථාන

අවම වශයෙන් පාරිභෝගිකයින් 8ක් සහ උපරිම 39කට ආහාර, බීම සහ අතුරුපස පිළියෙළ කරන සහ/හෝ සපයන ආයතනයකි.

“ආහාර ගන්නා ස්ථාන” යනු ආපනශාලා සඳහා ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය විසින් නිකුත් කරන ලද ගැසට් ලියාපදිංචි කිරීමේ මාර්ගෝපදේශවලට අනුකූල නොවන නමුත් ප්‍රධාන වශයෙන් සංචාරක ප්‍රදේශවල දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා පහසුකම් සපයන ස්ථාන වේ

A ශ්‍රේණිය – අවසාන පරීක්‍ෂණයේදී 75% ට වඩා ලබාගත් ස්ථාන සඳහා

eating places

B ශ්‍රේණිය- අවසාන පරීක්‍ෂණයේදී 50% සහ 74% අතර ලබා ගත් ස්ථාන සඳහා

eating places

ඉදිරි මග… …
දිවයිනේ සියලුම සංචාරක කලාපවල ඇති “ආහාර ගන්නා ස්ථාන”එකම ප්‍රමිතියට සැකසීමට සහ දේශීය මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවල සහ ජාත්‍යන්තර සඟරා සහ වෙබ් අඩවිවල “සංචාරක හිතකාමී ආහාර ගන්නා ස්ථාන” ලාංඡනයට ප්‍රචාරයක් ලබා දීමටත් අදහස් කෙරේ.

අනුප රණවීර මහතා

+94 112 426 977



          

සංචාරක සාප්පු

සංචාරකයන් සඳහා පිහිටුවා ඇති සාප්පු සඳහා වෙළඳ සංකීර්ණ හෝ කුඩා වෙළඳසැල් තුල සහ තැපැල් මාර්ගයෙන්, ස්ථාවර ස්ථානයක සිට භාණ්ඩ විකිණීමට අවසර ඇත. සිල්ලරව විකිණීමට බෙදා හැරීම් වැනි සේවා ඇතුළත් විය හැකිය. ගැනුම්කරුවන් පුද්ගලයන් හෝ ව්‍යාපාර විය හැක

SLTDA හි අපගේ කාර්ය මණ්ඩලය අනාගත ආයෝජකයින්ට සහය දැක්වීමට සැමවිටම සූදානම්ය.

දයානන්ද රත්නායක මහතා

+94 112 426 947 / +94 112 426 806



 

          

 

සංචාරක නියෝජිතයන් (ගමනාන්ත කළමනාකරණ සමාගම්)

සංචාරක නියෝජිතයන් (ගමනාන්ත කළමනාකරණ සමාගම්)

සංචාරක නියෝජිත ආයතන යනු සිල්ලර ව්‍යාපාරයකි. ඔවුන් පාරිභෝගිකයින් වෙත සංචාර පැකේජ අලෙවි කරයි. ගුවන් සේවා, මෝටර් රථ කුලියට දීම, සංචාරක නැව්, හෝටල්, දුම්රිය මාර්ග, නැරඹුම් චාරිකා, සහ සංචාරක ක්‍රියාකරුවන් වැනි සංචාරක ආශ්‍රිත නිෂ්පාදන සහ සේවා සපයන සැපයුම්කරුවන් සමඟ කටයුතු කරයි

බොහෝ සංචාරක නියෝජිත ආයතන ව්‍යාපාර කටයුතු සඳහා සංචාරය කරන්නන් වෙනුවෙන් සේවය කිරීමට උනන්දු වෙයි. ඇතැම් ආයතන වාණිජ සහ ව්‍යාපාරික සංචාර කටයුතු වල පමණක් සිදු කරයි. සමහර සංචාරක නියෝජිත ආයතන, ඔවුන්ගේ මූලස්ථානය පිහිටා ඇති ස්ථානය හැර වෙනත් රටවලද කාර්යාල පිහිටුවා ඇති අතර එම සේවා අදාළ රට තුල ප්‍රවර්ධනය කරයි. SLTDA හි අපගේ කාර්ය මණ්ඩලය අනාගත ආයෝජකයින්ට සහය දැක්වීමට සැමවිටම සූදානම්ය.

සඳප්‍රභා කත්‍රිආරච්චි මෙනවිය

+94 112 426 808



 

 

          

 

 

 

 

ජල ක්‍රීඩා මධ්‍යස්ථානය

නිමක් නැති සුදු වැලි සහිත රන්වන් වෙරළ තීරයන්, නිල්වන් සාගරයන් සහ විවිධ වූ මත්ස්‍ය විශේෂ ඇති, ශ්‍රී ලංකාව ත්‍රාසජනක ක්‍රීඩා සඳහා තෝතැන්නකි.

ශ්‍රී ලංකාව තුල කරන ප්‍රධාන ත්‍රාසජනක ක්‍රීඩාවක් වන්නේ දියයට කිමිදීමයි/ මෙහිදී ඔබට පැරණි සුන්බුන්, ගුහා සහ සිත් ඇදගන්නාසුළු ගල්පර වැනි දේ දැක ගත හැකිය

ලංකාව තුල මිරිදිය මත්ස්‍ය විශේෂ 90ක් සහ කකුළුවන් විශේෂ 21ක් සිටී. එනිසා මසුන් ඇල්ලීමට මෙරට ඉතා හොඳය. ශ්‍රී ලංකාවේ ත්‍රාසජනක ක්‍රීඩා සඳහා විවිධ අවස්ථාවන් සපයන දකුණුදිග වෙරළ තීරය අශ්‍රිතව ඇති පෞද්ගලික විලා ඔබට සිත් ඇදගන්නාසුළු සහ අපූරු අත්දැකීමක් ලබා දේ.

SLTDA හි අපගේ කාර්ය මණ්ඩලය අනාගත ආයෝජකයින්ට සහය දැක්වීමට සැමවිටම සූදානම්ය.

එම් ජෙයක්‍රිෂ්ණන් මහතා

+94 112 426 908



යෝජිත ත්‍රාසජනක ක්‍රියාකාරකම්

 

          

සංචාරක රියදුරන්

Driver ID card issuing process

නව රියදුරන් සඳහා ලියාපදිංචිය - පුහුණු වැඩසටහන සඳහා

ලියාපදිංචි කිරීම


රියදුරු හැඳුනුම්පත සඳහා අයදුම් කිරීම - පුහුණු වැඩසටහනෙන් පසුව

ලියාපදිංචි කිරීම

For Inquiries - info.driver@srilanka.travel

ෆුඩ් කෝර්ට්ස්

ෆුඩ් කෝර්ට් එකකදී, එක් ස්ථානයක සිට ඉතා විවිධාකාර ආහාර වර්ග රස විදීමට ඔබට අවස්ථාව ලැබේ. D118 ෆුඩ් කෝර්ට් එකක්,, සාම්ප්‍රදායික අවන්හලකට වඩා බෙහෙවින් වෙනස් වන අතර, ඔබට කුසගින්නක් නොමැති හෝ බඩ පිරෙන් ආහාර වේලක් ආහාරයට ගැනීමට අවශ්‍ය නොවූවත්, ඔබව එහි රැඳී සිටීමට පොළඹවනු ඇත.

ෆුඩ් කෝර්ට් එකක් සාමාන්‍යයෙන් ගෘහස්ථ හෝ එළිමහන් සාප්පු සංකීර්ණයක හෝ පොදු ප්‍රදේශයක පිහිටින අතර එහි විවිධ ආහාර අලෙවිකරන්නන්ගෙන් සිටියි. එය තමාට අහාර බෙදාගෙන හෝ වෙළෙන්දන්ගෙන් අහාර මිලදීගෙන පොදු ප්‍රදේශයක සිට භුක්ති විඳීමට අවස්තාව සපයයි.

 
 
ගෙවීම් පහත පරිදි විය යුතුය;
 

ලියාපදිංචි ගාස්තු

අලුත් කිරීමේ ගාස්තු

වර්ගය

පරිපාලක

ලියාපදිංචි කිරීම

බලපත්‍ර

සමස්ත

පරිපාලක

බලපත්‍ර

සමස්ත

Food Court

10,000

15,000

10,000

35,000

10,000

10,000

20,000

 

          

ගමනාන්තයේ සිදුවීම් කළමනාකරණ සමාගම් (DEMC)

Tourist Vessel Operations

Tourist vessel operations in Sri Lanka offer a unique experience for visitors to explore the island's beautiful coastline and surrounding waters. From exploring water creatures to island hopping, tourists can enjoy a variety of activities on these vessels, accompanied by experienced crew members. With safety as a top priority, these vessels provide a thrilling adventure while maintaining high standards of service to tourists.

 

Ms. Hashini Chaya

+94 112 426 800 | Ext:395


 

 

 

 

Adventure Tourism Activities

We are delighted to announce that the Sri Lanka Tourism Development Authority has collaborated with a committee of professionals, including industry experts, to develop guidelines for a series of Adventure Tourism Activities. These guidelines have been published herewith to create awareness within the industry for both air-based and water-based activities. We are also pleased to inform you that guidelines for land-based Adventure Tourism activities will be published in the near future.

To ensure the safety of all visitors, we highly recommend that all industry professionals adhere to the guidelines set by the Sri Lanka Tourism Development Authority. We are currently developing an online application system for registration of Adventure Tourism Activities, and we will be updating our website with more information on registration shortly.

Air Based Activities:
Air-based adventure tourism activity" means an activity carried out in the air with adequate safety requirements in an exclusively demarcated area without posing any danger or causing pollution to the natural environment. This may include skydiving, paragliding, paramotoring, hot air ballooning, and other similar activities.


Water Based Adventure Tourism Activities

We are delighted to announce that the Sri Lanka Tourism Development Authority has collaborated with a committee of professionals, including industry experts, to develop guidelines for a series of Adventure Tourism Activities. These guidelines have been published herewith to create awareness within the industry for both air-based and water-based activities. We are also pleased to inform you that guidelines for land-based Adventure Tourism activities will be published in the near future.

To ensure the safety of all visitors, we highly recommend that all industry professionals adhere to the guidelines set by the Sri Lanka Tourism Development Authority. We are currently developing an online application system for registration of Adventure Tourism Activities, and we will be updating our website with more information on registration shortly.

Water Based Activities:
“Water-based Adventure Tourism activity” means - an activity carryout in inland, brackish & marine water with adequate safety requirements in an exclusively demarcated area without any danger or pollution to the natural environment. This may include Whale & Dolphin Watching, White Water Rafting, Canoeing & Kayaking, Dragon Boating, Scuba Diving /Snorkeling, Surfing/Body Boarding/paddle Boarding, Kite Surfing/Wind Surfing and other similar activities.


Land Based Adventure Tourism Activities

Tourist Luxury Camping/ Caravanning Sites/ Mobile Camping

Camping is an outdoor activity involving overnight stays in temporary or semi-permanent shelters, with or without essential services. Organized camping primarily occurs at pre-selected camp sites, defined as designated areas of land offering sleeping accommodations in tents or caravans, along with common amenities, near outstanding natural or cultural attractions. These sites may be situated in restricted areas like wildlife reserves or unrestricted ones.

Camping options include:

1. Tourist Luxury Camping/Glamping: Providing premium and deluxe facilities, Glamping offers a more luxurious camping experience than traditional camping.

2. Caravan Camping/RVs: RV camping allows travelers to stay in recreational vehicles with amenities like sleeping quarters, kitchens, and bathrooms, combining the comforts of home with the freedom of camping.

3. Mobile Camping: Also known as expedition or mobile tented camping, it involves setting up and relocating camps frequently, allowing participants to explore diverse landscapes.

These guidelines aim to ensure safe and enjoyable camping experiences catering to various preferences, from the simplicity of traditional camping to the luxury of Glamping and the mobility of RV and mobile camping, while emphasizing the importance of conservation.

Mr. Anupa Ranaweera

+94 112 426 977


Tourism APP

A tourism app is a software product that runs on any information technology-based platform, such as the web, mobile, or virtual reality. It facilitates tourists by providing them with travel guides, maps, local attractions, accommodation booking, transportation options, restaurant recommendations, and other relevant information. Tourism apps can also be used to conduct commercial transactions, such as booking hotels.

To be considered a tourism app, the product must meet certain requirements, such as having a secure platform, providing adequate support to users, and operating as per industry standards. Tourism apps that are meant for facilitating tourists visiting Sri Lanka must also have a 100% owned legal entity registered within Sri Lanka.

The objective of the tourism app registration process is to recognize and formalize the services of tourism apps and companies that facilitate tourists visiting Sri Lanka. This will help to ensure that tourists receive satisfactory and legitimate services, and that they are protected under the law.

Mr. M Jeyakrishnan

+94 112 426 908


Blacklisted Service Providers

Blacklisted Travel Agencies

                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                             
Travel Agency Name SLTDA Registered Number
TOUR SOLUTIONS COLOMBO SLTDA/SQA/PRO/TA/005

ASSOCIATIONS

සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ සංගම් ලියාපදිංචි කිරීම

ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ සංගමය ලියාපදිංචි කිරීම
සංචාරක කර්මාන්තයේ යෙදෙන්නන්, තම සාමාජිකයින්ට නිෂ්පාදන සහ සේවා අලෙවි කිරීමට සහාය වීම සඳහා දිවයින පුරා සංගම් සංස්ථාගත කර ඇත. ඒ අනුව, සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ සියලුම සංගම් ලියාපදිංචි කර ඔවුන් සමඟ විධිමත් ලෙස සන්නිවේදනය සහ ගනුදෙනු කිරීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) තීරණය කර ඇත.

ලියාපදිංචි කිරීම අවශ්‍ය වන්නේ ඇයි?
මෙහි පරමාර්ථය වන්නේ සංගම් හරහා ඔවුන්ගේ සාමාජිකයන් ලබාදෙන සේවාවන් ප්‍රමිතිගත කිරීම සහ කර්මාන්තයට සෘජුවම බලපාන හෝ ප්‍රතිලාභ ලබා දෙන අවස්තාවක සියලු දෙනා සමඟ පහසුවෙන් ගනුදෙනු කිරීමට මධ්‍යගත දත්ත ගබඩාවක් නිර්මාණය කිරීමයි.

ලියාපදිංචි වීමේ ප්‍රතිලාභ

  • සංචාරක ව්‍යාපාරයේ සේවා සපයන්නන්ගේ සංගමයක් ලෙස නීතියෙන් පිළිගැනීම
  • නිල සංචාරක සන්නිවේදන ජාලයේ කොටස්කරුවෙක් වීමට ලැබීම
  • රජය විසින් පිරිනමනු ලබන ප්‍රතිලාභ පැකේජ සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලැබීම
  • වෘත්තීය සංවර්ධන වැඩසටහන් වලට සහභාගී වීමට හැකියාව ලැබීම
  • විදේශීය ප්‍රවර්ධන කටයුතු වලදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සුදුසුකම් ලැබීම

 


 

          

වැදගත් දැන්වීමයි: ලියාපදිංචියට හෝ අලුත් කිරීමට අයදුම් කිරීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස ඔබ අදාල ලියකියවිලි වෙබ් අඩවියට උඩුගත (upload) කළ යුතුය. නීතිඥයෙකු විසින් ඒවායේ සත්‍යතාව තහවුරු කර සහතික කර ඇති සහ “සත්‍ය පිටපත්” ලෙස සලකුණු කර ඇති පිටපත් විශේෂ කුරියර් සේවාවක් හරහා ඉදිරිපත් කළ හැකි බව කරුණාවෙන් සලකන්න.

අයදුම් කිරීමේ ක්‍රියාවලියේදී කුරියර් සේවාව පිළිබඳ විස්තර ඊමේල් හරහා ඔබට එවනු ඇත. නව ලියාපදිංචිය සහ බලපත්‍ර අලුත් කිරීම යන දෙකෙහිදී ම මෙම සේවාව ලබා ගත හැකිය. සත්‍යාපනය සඳහා කරුණාකර කිසිදු මුල් ලියවිල්ලක් SLTDA වෙත නොඑවන්න. පෞද්ගලිකව පැමිණ ලිපි ලේඛන SLTDA වෙත භාර දීමෙන් වළකින්න. කිසියම් පැහැදිලි කිරීමක් අවශ්‍ය නම්, කරුණාකර අපගේ පාරිභෝගික සේවාව සමග සම්බන්ධ වන්න.