...

අපගේ සේවාවන්

සංචාරක සේවා

ශ්‍රී ලංකාවේ සංචාරක සේවා දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) කැපවී සිටී. මේ සඳහා වරින් වර සමාලෝචන සිදු කෙරෙන අතර වැඩිදියුණු කිරීම් හා සංවර්ධන කටයුතු ඊට අයත් වේ.


SLTDA කලින් කලට,


  • නිෂ්පාදන හා සේවාවන් හඳුනාගෙන දියුණු කරයි

  • විවිධ සංචාරක සංවර්ධන මාර්ගෝපදේශ සකස් කර ක්‍රියාත්මක කරයි

  • නව ආයතන සඳහා අදාළ නෛතික හා පරිපාලන ක්‍රියාවලියන් පහසු කර ක්‍රියාත්මක කරයි


නිෂ්පාදන සහ සේවා සංවර්ධනය

SLTDA සලසන පහසුකම්


  • ප්‍රාදේශීය සංචාරක සංවර්ධන සැලසුම් සකස් කිරීමට පහසුකම් සැලසීම

  • උපායමාර්ගික පාරිසරික ඇගයීම් සකස් කිරීම/ පහසුකම් සැලසීම සහ පරිසරයට ඇති බලපෑම මැනීම


ඇගයීම

SLTDA විසින්,


  • ප්‍රාදේශීය සංචාරක කාර්යාල පිහිටුවීම, නඩත්තු කිරීම සහ අධීක්ෂණය කිරීම

  • සංවර්ධනයට සුදුසු ප්‍රදේශ හඳුනාගෙන නඩත්තු කරයි

  • වැදගත් ප්‍රදේශ පිළිබඳව SLTPB, රජයේ ආයතන, පළාත් සභා සහ ප්‍රාදේශීය සභාව සම්බන්ධ කරගෙන සමීපව කටයුතු කරයි


රජයේ අධිකාරීන් සමඟ සම්බන්ධ වීම

 

සංචාරක යටිතල පහසුකම් සංවර්ධනයට සහ නිෂ්පාදන හා සේවා සංවර්ධනයට පහසුකම් සැලසීම සඳහා SLTDA විවිධ රජයේ බලධාරීන් සමඟ සම්බන්ධ වේ. පහත දෑට SLTDA හරහා පහසුකම් සැලසේ:


  • සංචාරක සංවර්ධන ප්‍රදේශ ප්‍රකාශ කිරීම සහ ඒ ආශ්‍රිත කාර්යයන් කළමනාකරණය කිරීම

  • සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා ඉඩම් ලබා ගැනීම

  • අයදුම්පත් ආයෝජනය හා සැකසීම සඳහා වූ යෝජනා විභාග කිරීම සහ තහවුරු කිරීම


නව සංචාරක නිෂ්පාදන සංවර්ධනය

SLTDA පහත දෑ සඳහා කැපවී සිටී


  • ක්‍රීඩා සංචාරක, නෞකා වැනි නව සංචාරක නිෂ්පාදන සංවර්ධනය කිරීමට සැලසුම් කිරීමට


සංචාරක, පරිසර සංචාරක සහ විශේෂ උනන්දුවක් දක්වන සංචාරක ව්‍යාපාරය

SLTDA නව ව්‍යාපෘති/හවුල් ව්‍යාපාර සඳහා අනාගත ආයෝජකයින් සමඟ සම්බන්ධ වන අතර විදෙස් අරමුදල් සපයන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සහාය වේ. එපමණක් ද නොව නිෂ්පාදන සැපයීමට අරමුදල් රැස් කිරීම සඳහා ව්‍යාපෘති සහ වෙනත් යෝජනා සකස් කිරීමට ද උපකාරී වේ.


සේවා සංවර්ධනය

පවතින සේවාවන් දියුණු කිරීම අත්‍යවශ්‍ය බැවින් SLTDA පහත දෑට අත දෙයි.


  • නිෂ්පාදන හා සේවා වල තොරතුරු හා දත්ත වලට පහසුකම් සැලසීමට

  • නව නිෂ්පාදන හා සේවා සම්බන්ධ පර්යේෂණ සිදු කිරීමට

  • නිෂ්පාදන හා සේවාවන්හි නව ප්‍රවණතා ගවේෂණයට