...

සංචාරක සංවර්ධන බද්ද

සංචාරක සංවර්ධන බද්ද - TDL

ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර 2003 සැප්තැම්බර් මාසයේදී සංචාරක සංවර්ධන බද්ද හඳුන්වා දුනි. ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා සංචාරක සංවර්ධන බදු මුදල් භාවිතා කෙරේ..

welcome background image

සංචාරක සංවර්ධන බද්ද

2003 අංක 25 දරණ මුදල් පනතේ 1 වැනි කොටස අනුව 1968 අංක 14 දරණ සංචාරක සංවර්ධන පනත යටතේ බලපත්‍ර ලබා ඇති සෑම ආයතනයකින්ම එම ආයතනයේ පිරිවැටුම සඳහා ඕනෑම වර්ෂයකදී 'සංචාරක සංවර්ධන බද්ද' හෙවත් 1%ක බද්දක් අය කළ යුතුය.

කෙසේ වෙතත්, 2019 ජනවාරි 01 වෙනිදා සිට සහ ඊට පසුවත් වාර්ෂිකව රුපියල් මිලියන දොළහ නොඉක්මවන, ආයතනික පිරිවැටුමෙන් සියයට 0.5 ක අනුපාතයකින් කාර්තුමය පිරිවැටුම රුපියල් මිලියන තුන නොඉක්මවන ඕනෑම ආයතනයකින් එවැනි බද්දක් අය කෙරේ. චක්‍ර ලේඛය බලන්න.

සංචාරක සංවර්ධන බදු කාර්තුමය ප්‍රකාශන ඉදිරිපත් කිරීම සහ වැඩි විස්තර සඳහා සංවර්ධන බද්ද පිළිබඳ ගැසට් පත්‍රය බලන්න.

මෙය බලපැවැත්වෙන ආකාරය -

අ) සංචාරක හෝටල් සඳහා එය අදාළ වන්නේ, එහි අළෙවියෙන් සියයට දහයක් දක්වා වූ සේවා ගාස්තු සහ ඒ සඳහා අය කෙරෙන අගය එකතු කළ බදු හැර මුළු අළෙවියෙන් ලැබුණු හෝ ලැබිය යුතු ප්‍රමාණයයි. 2002 අංක 14 දරණ අගය එකතු කළ බදු පනතට අනුව 'විකිණීම'

ආ) සංචාරක නියෝජිතයන් සඳහා අදාළ වන්නේ, වෙනත් ප්‍රාදේශීය සේවා සපයන්නන් විසින් ඔහුට සපයනු ලබන සේවාවන් සම්බන්ධයෙන් ඔහු කළ ගෙවීම් හැර, සංචාරක කර්මාන්තයට අදාළව සපයනු ලබන සේවාවන්හි මුළු ආදායම, සහ 2002 අංක 14 දරණ එකතු කළ බදු පනතට අනුකූලව එම සේවාවන් සඳහා අය කෙරෙන අගය එකතු කළ බද්ද යි. කෙසේ වෙතත්, 1968 අංක 14 දරණ සංචාරක සංවර්ධන පනත යටතේ බලපත්‍ර ලබා ඇති සාමාන්‍ය විකුණුම් නියෝජිතයින් ද ඇතුළුව සංචාරක නියෝජිතයාගෙන් ගුවන් ටිකට් පත් අලෙවි කිරීමෙන් ලැබෙන කොමිස් මුදලින් එවැනි අය කිරීමක් සිදු නොකෙරේ.

 

ඇ) සංචාරක ‍වෙළඳසල් සඳහා, 2002 අංක 14 දරණ අගය එකතු කළ බදු පනතට අනුකූලව එම අළෙවියන්ගෙන් අය කෙරෙන අගය එකතු කළ බදු හැර වෙනත් ඕනෑම නිෂ්පාදන අලෙවියෙන් ලැබුණු හෝ ලැබිය යුතු මුළු ආදායම යි.

මූල්‍ය දෙපාර්තමේන්තුව

0112426800/(Ext 209/ 287/ 288/293)